පුතුනේ මේ අහගන්න

Lyrics

පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න //
මං පොඩි කාලේ හඳ මාමා කිව්
කතාව මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න //

පුංචි කූඩුවක කැලයේ 
සැළලිහිණි ජෝඩුවක්‌ උන්නා
ලස්සන සිංදු කියාලා 
පොඩි පුතා නැලෙව්වා දෙන්නා
හිටි හැටියෙම දවසක් දා 
මොර සූරන වැස්සක් වැස්සා
ඇල දොළ ගංගා පිරිලා 
වැහි වතුර ගල ගලා බැස්සා
ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා 
ගස් මුල් දෙදරා ඇද හැලුනා
පුතුනේ මේ අහගන්න
පුතුනේ මේ අහගන්න

අම්මයි අප්පයි දෙන්නා 
හත් දෙයියනෙ දෙයියනෙ කියලා
චුටි කුරුල්ලා ඉඹලා 
මහා හයියෙන් විලාප දුන්නා
කොයි කාගෙත් සැපදුක බලනා 
මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
සුදු පුතා බදාගෙන හඬනා 
ඒ මවගේ දරු දුක දැක්කා
හිත උණු විලා අනුකම්පාවෙන් 
වැහි බිඳු අහසට ඇද ගත්තා
පායා හිරු පෙර වාගේ දිලුනා 
වන මල් පිපිලා නැටුවා
ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි 
සතුටින් කල් ගෙව්වාලු සුවසේ

පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න //

Puthune me ahaganna – Sujatha Aththanayaka

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists