වැහි වැටුණු දවස්

Lyrics

වැහි වැටුණු දවස් පණ ගැහුණු දවස් වල
මතකය අමතක වෙන්නේ නැති හින්දා
තනි මැකුව හවස් වල ගෙවපු දවස්
ආයෙත් එන්නේ නැති හින්දා

ඇවිදපු කාලය දේදුන්නක් වාගේ
නොහිතපු කාලය අපි ඉස්සර වාගේ
මට අමතක වෙන්නෙත් නැති හින්දා

වැහි වැටුණු දවස් ….

නොහඩපු කාලය ගංගාවක් වාගේ
ළඟ හිටි කාලය හැන්දෑවක් වාගේ
අදුරේදීත් මගේ හිත නොගැස්සුනු කාලේ
කදුලේදීත් මගේ හිත හිනැස්සු කාලේ
මට අමතක වෙන්නෙත් නැති හින්දා

වැහි වැටුණු දවස් පණ ගැහුණු දවස් වල
මතකය අමතක වෙන්නේ නැති හින්දා
තනි මැකුව හවස් වල ගෙවපු දවස්
ආයෙත් එන්නේ නැති හින්දා
මට අමතක වෙන්නෙත් නැති හින්දා

Wahi vahi watunu vatunu dawas davas – Chamathka Peiris

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists