ජීවිතේ අමධාරා

Lyrics

ජීවිතේ අමධාරා උල්පතේ රස උතුරා
කෝ සුපෙම් හස කැළුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

ආදරේ මල් උයනේ නෑ ඔබේ හඬ ඇසුනේ
පිපි කුසුම් මල් යහන් තුලට වී
කොවුලනේ නාඬන්නේ

ජීවිතේ අමධාරා …

ඈත නිල්වන් ගුවනේ පියාඹන ලිහිණියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සෝ තැවුල් රැඳුනේදෝ

ජීවිතේ අමධාරා …

හමන පවනේ සඟවා මගේ පාළුව රහසේ
ඇත එවා ඔබ සොයා පිය ළඳේ
මීවිතේ රස උතුරා

ජීවිතේ අමධාරා …

Jiwithe jivithe ama dara dhara ජීවිතේ අම දාරා – T. M. Jayarathna

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists