එපා මට ප්‍රේමයක් නුඹෙන් තොර හීනයක

Lyrics

එපා මට ප්‍රේමයක් නුඹෙන් තොර හීනයක
රැඟුම් නෙත් වසඟකල අසම්මත රාගයක
සුපෙම් කඳුලින් තෙමෙන නෙතු පියන් වසාගෙන
සිටින්නම් නිහඬවම අයිතිවන මතුදාක

නොකල වරදක දැහැන් බිඳිලා
හදට හී සර වැදුනු හින්දා
දාස් පෙතිමල නුඹේ හද ලඟ
අහම්බෙන් නැවතුනිද මන්දා

ඉකිබිඳින තැවුලෙන් මිදෙන්නට
මමම දෑඟිලි ගනින හින්දා
නුඹේ හද තුල පාළු මකනට
මමයි නුඹ ඒ සොයන ලන්දා

එපා මට ප්‍රේමයක් …

Epa mata premayak numben thora hinayaka – Uresha Ravihari

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists