දුහුල් මලක මල් පෙත්තක

Lyrics

දුහුල් මලක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම්ව ලියුවා වූ මගෙ පෙම් පණිවිඩය
සමනලයෙක් අතේ එවුවා හම්බ උනාද
බාරගන්න පරිස්සමින් තටු පොඩිනොකර
මගෙ පෙම් පණිවිඩය
හම්බ උනාදැයි කියලා ලියල එවන්න
ඔබ වෙනුවෙන් තවදුරටත් ජීවත්වෙන්න

ලා…..ලා…..ලා…..ලා….. ///

ඔබට කැමතිවූ දවසේ
දැනුනු හැඟුමෙ පාට තමයි
දේදුන්නක් වෙලා දෑස් වෙත පාත්වුනේ
ඒ සතුටේ සුසුම තමයි නලමුදු සුවඳක්වී
සිත තෙත මාත්තු කලේ
ඒ බව හැඟෙනවනම් මට කියල එවන්න
ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න

ඔබ නික්මන් කල දවසේ
උනපු කඳුළෙ තරම තමයි
පොද වැස්සක් වෙලා පොළවට පාත්වුනේ
ඒ කඳුළේ බලය තමයි මහවැළි ගඟ මැද්දේ
දිය සුළියක් වුයේ
ඒ බව දැනුනානම් මට කියල එවන්න
ඒ ටික ඇති තවදුරටත් ජීවත් වෙන්න

දුහුල් මලක මල් පෙත්තක …

Duhul malaka mal peththaka – Nirosha Virajini Wirajini

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists