රන් තරු පායන අහස බලාගෙන

Lyrics

රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනෙකෙකු නොවැ අද ඉන්නේ
මිහිර සොයාගිය මගෙ ජීවය දැන්
කදුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොදුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ

පුරා රුවල බැද තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලුවේ
කොහේ සිටන් කොයිබට මා යාවිද
මට නම් නෑ වැටහෙන්නේ

රන් තරු පායන අහස බලාගෙන …

පලා දෙපලු කර හදවත දැන් නම්
කාට එකතු කල හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
තවමත් මෙහි හැම තිස්සේ

රන් තරු පායන අහස බලාගෙන ….

සමාවෙයන් සොදුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ…
සමාවෙයන් සොදුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ…

Ran tharu payana ahasa balagena – Keerthi Pasquel

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists