දෙනුවර මින්පසු

Lyrics

දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මුහුදෙහි සෙවනැල්ලකි
යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු

ළිංතොට ගංතොට ආදී තැනේයා
මල්මද බිසවුනි ඔබ හමුවූවා //
සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
නොදනිමි ඔබ මගේ හද වෙත ආවා

දෙනුවර මින්පසු…..

දැහැනෙකි ඔබ මගේ හදවත බන්දන
සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන //
දිනයක් එළඹෙනු ඇත මනනන්දන
අසිනිය මල්මද සිරිකත කැන්දන

දෙනුවර මින්පසු…..

Denuwara min pasu eka nuwarak meni -Somathilaka Jayamaha

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists