විල් තෙරේ

Lyrics

විල් තෙරේ පියුම් පිපී සුගන්ධවත් වෙවී
රැල් පවන් ගලා ප්‍රබෝධයෙන් ප්‍රබෝධ වී
බිඟු නදින් විහඟ තුඩින් ගලා ගලා හැලී
ගීතයක් වෙලා හෙටත් නැගෙන් උදෑසනේ
ගීතයක් වෙලා හෙටත් නැගෙන් උදෑසනේ

රන් කරල් නැමී සිරි බර වාසනා ගෙනී
සත් රුවන් සිනා දොර දොර වූ උදානිනී
දෑතෙ වීරියෙන් දිනූ දා බිඳෙන් ඔපවුණූ
අභිමානවත් දැයක් රැගෙන වඩින් උදෑසනේ

විල් තෙරේ පියුම් පිපී…..

සිත් පිරී නිතින් යහගුණයෙන් උදාර වූ
ලොල් වඩන උපන් බිම වෙත වැනි නිධාන වූ
සව් ලෙවන් පැතුම් තුලින්
සුරන් දෙලින් වොරැඳුනූ
යළි ජෝතිමත් දැයක් රැගෙන වඩින් උදෑසනේ

විල් තෙරේ පියුම් පිපී…..

Vil wil there piyum pipi -Somathilaka Jayamaha

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists