මගේ හද වෙන පිරිමැදලා

Lyrics

මගේ හද වෙන පිරිමැදලා
සැතපෙන සත්සර වයලා
අරුමැති ගීතනු බිහි කරලා
නළවයි කවුදෝ එබිලා

තෙරපුණු පාලුව ඔතලා
ඔහු සදහට දින යාවී
උණුසුම කරපින්නාලා
පොදි බැද අරගෙන ඒවී //

මගේ හද වෙන පිරිමැදලා…..

ඔහු පදවන ඔන්චිල්ලේ 
ලිහිණිය ලෙස නැලවෙන්නම්
සොය සොය උන් සැනසිල්ලේ
සහනය තුරුළට ගන්නම් //

මගේ හද වෙන පිරිමැදලා…..

ඔහු මා සිත බැඳ ගත්හී
ඉන් පිටවන මං නැත්තේ
අද හෙට ඉන් මතුමත්තේ
මගේ දිවි ඔහු අත ඇත්තේ
අද හෙට මින් මතුමත්තේ
මගේ දිවි ඔහු අත ඇත්තේ

මගේ හද වෙන පිරිමැදලා…..//

Mage hada wena pirimadala- Anjalin Gunathilake

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists