නිහඬ මාවතේ

Lyrics

නිහඬ මාවතේ පාළු නිවහනේ
අවිහින්සක යුවතී
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම
ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි //

අතීතයේ එක් විරාමයක වෙන් වී
යළි සමුගන්නද මෙලෙසින් හමු වූයේ
කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන
දින දින ඇයි අමතන්නේ
දින දින ඇයි හමුවන්නේ

නිහඬ මාවතේ…..

ජීවිතයේ තව කඳුලක් වන්නට දෝ
තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
යුවතියෙ ඔබෙ මුදු වදන් අතර මා
මුල් පෙම බොඳවී යන්නේ
මුල් පෙම ගිලිහී යන්නේ

නිහඬ මාවතේ…..//

Nihada mawathe mavathe – Rookantha Gunathilake rukantha

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists