රෑ බෝවුණා

Lyrics

රෑ බෝවුණා ළමුනේ ඇති කෙළිකවට
ගෙපැලේ පහනේ තෙල් ඇතිදෝ අද දිනට
දවසක් ගෙවී දවසක් එළිවෙයී හෙටට
නුබලගේ තාත්තාගේ සුවදුක් කෙලෙස

ගත වෙහෙසයි මගේ කරදර කරනු එපා
රසමසවුළු බොජුන් ඉල්ලා හඬනු එපා
ඇති සැටියකට කා බී දිවි ගෙවනූ විලා
වෙන අන්දෙයක් නැත පුතුනේ ඔයිට වඩා

යහනේ ඉහළගින් ඉඳගෙන මම ඉන්නම්
හිමියෙනි මගේ හැකි අයුරින් සලකන්නම්
දරු දෙදෙනා නුඹේ පණ මෙන් රැක ගන්නම්
හැකි විගසින් සුව වේවා පතමී මං

රෑ බෝවුණා ළමුනේ…..

Raa re bowuna bouna lamune- Chandralekha Perera

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists