සඳේ අනන්ත

Lyrics

සඳේ අනන්ත රම්‍ය සිසිල් රැස් නිවී ගියා
සඳේ අනන්ත රම්‍ය සිසිල් රැස් නිවී ගියා
ගහේ හඬාවි කෝකිලා වියෝග ගී ගයා
සඳේ අනන්ත රම්‍ය සිසිල්

වලාකුලෙන් මැකී ඇතේ අනේක තාරකා
අගාධ සාගරේ කිඳී රන් රුවන් දිලේ
කිඳී රන් රුවන් දිලේ කිඳී රන් රුවන් දිලේ

සඳේ අනන්ත රම්‍ය සිසිල්…..

මන නන්දනීය රිද්මය දී මන්ද මාරුතේ
හමා යනූ දැනේ අහෝ මන්ද ඇති පලේ
අහෝ මන්ද ඇති පලේ අහෝ මන්ද ඇති පලේ

සඳේ අනන්ත රම්‍ය සිසිල්…..

ආනන්ද සුන්දරත්වයකින් මල් පිපේ කැලේ
නෙලා ගනු නොහේ පෙතී පරවෙලා හැලේ
පෙතී පරවෙලා හැලේ පෙතී පරවෙලා හැලේ

සඳේ අනන්ත රම්‍ය සිසිල්…..

Sande / sade anantha ramya sisil- J.A. Milton Perera

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists