&

සුසුමක උණුසුම

Lyrics

සුසුමක උණුසුම නොමවිඳි හදකට
සුසුමක් උනේ ඔබයි
කඳුලක සිසිලස නොහැඟුනු නෙතකට
කඳුලක් උනේ ඔබයි //

මිහිමත සැඟවුනු විසිතුරු ලොවකට
පියවර ලකුණ ඔබයි
විසිතුරු මිහිමත සැඟවුනු රුදු ලොව
හෙලිකල දෙනෙත ඔබයි

සුසුමක උණුසුම…..

හදවත පිරිමැද සිතිවිලි පොබකල
පැතුමක අරුණ ඔබයි
වදනට නොනැගෙන සිත තුල ගොළුවන
නොපිපෙන පැතුම ඔබයි

සුසුමක උණුසුම…..

Susumaka unusuma-Edward Jayakody / Malani Bulathsinhala

More from Admin

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists