විසිරුණු මල් පෙති

Lyrics

විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුහී
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී //

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ

විසිරුණු මල් පෙති…..

බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ

විසිරුණු මල් පෙති…..

visirunu wisirunu mal pethi -Athula Adikari

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists