අම්මා

Lyrics

මන්දාරම් වැහි වැටෙනා හීතල හැන්දෑවේ
මා අසලින් රැඳි උණුහුම ඔබ විය
නුඹයි මගේ අම්මා සඳ හාවුන් හඬනා
කළුවර රාත්රියේ ආලෝකය දුන්
සඳකැන් ඔබ විය නුඹයි මගේ අම්මා

ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි ජීවිතෙන් මා

අම්මේ මං නුඹට ආදරෙයි ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි සංසාරයේ මා නුඹ ළඟයි

කුණාටු සාගරයේ රුවල් බිදුණු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ ඔබයි නුඹයි මගේ අම්මා
දාහය වෑහෙනා ගිනියම් මද්දහනේ
සෙවන ඔබයි මද පවන ඔබයි නුඹයි මගේ අම්මා
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි සංසාරයේ මා නුඹ ළඟයි
අම්මේ මං නුඹට ආදරෙයි ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි සංසාරයේ මා නුඹ ළඟයි

Amma mandaram wahi watena – 6th lane

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists