රන් දහඩිය

Lyrics

රන් දහදිය බිංදු බිංදු (රන් දහදිය බිංදු බිංදු)
ඉසුරු සුවඳ රැන්දු රැන්දු (ඉසුරු සුවඳ රැන්දු රැන්දු)
රන් දහදිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු
ගතිනි හලා…ගයමු රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු //
දෑතේ රන් වළලු දඟේ ගෙල බැඳි රන් මාල අගේ
රන් ගොයමේ නෙළන නඟේ සිරියාවයි රටට මගේ
(දෑතේ රන් වළලු දඟේ ගෙල බැඳි රන් මාල අගේ
රන් ගොයමේ නෙළන නඟේ සිරියාවයි රටට මගේ)
නෙළුම් කෙතේ ලන්දු ලන්දු (නෙළුම් කෙතේ ලන්දු ලන්දු)
සොඳුරු කිඳුරු ලන්දු ලන්දු (සොඳුරු කිඳුරු ලන්දු ලන්දු)
(නෙළුම් කෙතේ ලන්දු ලන්දු සොඳුරු කිඳුරු ලන්දු ලන්දු)
දෙවි පිහිටෙන්….ගයමු රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු //
බුලතේ රත දුටිමි තොලේ මට නොවෙදෝ මුකුළු කළේ
රන් ගොයමේ නෙළන කළේ මන බැදුනා පබළු වැලේ
(බුලතේ රත දුටිමි තොලේ මට නොවෙදෝ මුකුළු කළේ
රන් ගොයමේ නෙළන කළේ මන බැදුනා පබළු වැලේ)
රන් දහදිය බිංදු බිංදු …..
රන් ගොයමේ සින්දු සින්දු…//

Ran Dahadiya dhahadiya Bindu – W. D. Amaradewa

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists