ඇගේය ඔබ දැන්

Lyrics

ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේය

ඔබ මට ජල ධාරාවක් වගේය
සීතල ජල ධාරාවක් වගේය
ඒ ජල ධාරාවම දැන් ඇගේය
එනමුත් ජලයේ සිසිලස මගේය
ජලයේ සිසිලස මගේය

ඇගේය ඔබ දැන්…..

ඔබ මට මිණි වීණාවක් වගේය
ඔබ නද මිණි වීණාවක් වගේය
ඒ මිණි වීණාවම දැන් ඇගේය
එනමුත් වීණා නාදය මගේය
වීණා නාදය මගේය

ඇගේය ඔබ දැන්…..

Egeya Ageya Oba Dan-Deepika Priyadarshani

More from Admin

Featured on

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists