මේ සුන්දර රාත්‍රියට

Lyrics

මේ සුන්දර රාත්‍රියට තරු එළියට සඳ පානට
මේ තරමට පෙම් කරන්න කියා දුන්නේ ඔබමයි
මට කියා දුන්නෙ ඔබමයි

වනන්තරේ මල් පිපුණා එක එක පාටට
ඇළේ දොළේ දිය ගැලූවා ගීයක තාලෙට
නුඹ ලැබෙන තුරා ඒ කිසිවක් නොපෙනුන දෑසට
මේ පෙනෙන සොඳුරු ලොව අඳුරට එපා හෙලන්නට

මේ සුන්දර රාත්‍රියට…..

රෑට රෑට තරු පිපුණා අහසේ යායට
සඳ ඇවිදින් තිලක තියා රැඳුනා නළලත
නුඹ ලැබෙන තුරා ඒ කිසිවක් නොහැඟුණ හදකට
දුක දරන්න බෑ සත්තයි හිත එපා තලන්නට

මේ සුන්දර රාත්‍රියට…..

Me Sundara Rathriyata – Deepika Priyadarshani

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists