බහුබූතයෝ කරලියට ඇවිත්

Lyrics

බහුබූතයෝ කරලියට ඇවිත්
ඔහෙ කලින් කලට බඩ පිනුම් ගසත්
කටින් කෙබර ඇද හැලෙන කොටත්
තව ඔල්වරසන් දෙනවානෙ අපිත්
//

පාට පාට සාටක පළඳං
රට හතරඅතේ ගොස් වැඳ වැටෙමින්
රාජ සභාවට පාර කපං
අර දිවිය රතෙන් යන හැටි බලපං

දැකල නැතත් මුං සකස් කඩේ
එලු පාලි සඟිස්කෘත කටින් වැටේ
රට විකුණං කන අතර තුරේ
දෙස බස රැස ගැනමයි කරච්චලේ

උඩුපිල යටිපිල දෙකට බෙදී
මුං අංකෙළියට ආවත් පේවී
එකම පිලයි බැලුවම ඇහැරී
අං තට්ටුව අපෙ ඔලුවටයි හරී

බහුබූතයෝ කරලියට ඇවිත් …

Bahubuthayo awith bahuboothayo – Nanda Malani

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists