වීණා

Lyrics

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ
නිල් උපුල් සිනාදී යදින්නේ ආදරේ වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ

රෑට සසැලෙන්නේ පැරදි හැඬු තාරකා දෑත ලතවන්නේ ඒ දෑත තනි වූ නිසා
සිහින මායාවේ පැටලීලා නින්දේ පවා දෑස විමසන්නේ හුරු දෑස දෝ

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ

සීත සඳ කැල්ම කිරි සාගරේ නැවතිලා වාසනාවන්ත තුරු වැල් එතී ලංවෙලා
ප්‍රේම ආලිංගනේ රංගනේ මත් වෙලා දෑස නලවන්න දිස්වූවා දෝ

වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ…..

Veena wina vina weena Milton Mallawarachchi

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists