වියෝවූ පසුවයි

Lyrics

වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඞූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් //

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි
වියෝවූ පසුවයි දැනෙන්නේ ….

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම් පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්
වියෝවූ පසුවයි දැනෙන්නේ …. //

Wiyovu Wiyo Wu vu Viyovu Pasuwai pasuwaie – Sunil Edirisinghe, Music – Rohana Weerasinghe

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists