Palamu Pema kolamba Awilla

පළමු පෙම කොළඹ ඇවිල්ලා | Palamu Pema kolamba Awilla

Lyrics of Palamu Pema kolamba Awilla

පළමු පෙම කොළඹ ඇවිල්ලා
බිඳුණු දින දිග මතක ගෙනල්ලා
සියලු සරින් සපිරූ ආදරෙන් පුරෝලා
යටගිය දින ගිය මගෙ ලොව පවුරු බැමි බිඳලා
පළමු පෙම කොළඹ ඇවිල්ලා

භව සිඳු පහුරක් සේ පෙර එදා
ආදරෙන් ආලෝකලා පුරෝලා
නන් වෙස් ගෙන හැරදා දමා පෙම පරදා
හැර ගිය මතක ආයෙමත් නුඹ කොළඹ ගෙනල්ලා
පළමු පෙම කොළඹ ඇවිල්ලා

සැමරුම් සිහි වන සුවඳ අරං දෝත පුරෝලා
ආගිය පහු කළ අතීතේ ඉඳං නුඹ කොළඹ ඇවිල්ලා
මඳකුදු නොකිළිටි කළ පෙම මා පිදු
රිදුණත් රිදුමන් නොරිදුණු සේයින් යන්නම් මා ලොවට හොරෙං
පළමු පෙම කොළඹ ඇවිල්ලා

Palamu Pema kolamba Awilla | Chamara Fernando | Gayan C Bentharage 

More from RogueOne

♪
Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists