Lyrics of Nura Sadak
ආලවන්ත දෑසේ – ඔය ආදරේ සිනාසේ
පෙම් සිතුම් සමීරේ – හිත ඈත මෑත පාවී
පියඹා යාවි හීනේ – හිරිමල් ප්රාර්ථනාවේ
උතුරා යාවි ජීවිතේ ම ඔබ ළඟ ඇසුරේ
නුරා සඳක් උදාවෙවී – නිශා තුෂාරයේ වෙලී
සරා රහස් කියා යළි – මගේ හැඟුම් සොරා ගනී
පිනිබිඳු පිපෙනා සිහිලේ – ඔබ මහදේ දැවටී – සැරිසැරුවා මතකේ
රෑ සඳ කිරණේ තැවරී – එන සුළඟේ සැඟවී – ඔබේ පෙම් ගී ඇසුණි
කෞමදී පිපී සුගන්ධයෙන් උදම් වෙවී – ජීවිතේ අලුත් වෙවී තියේ ….
සුරඹුන් ආපු පාරේ – අපි යං චාරිකාවේ
තරුමල් යාය පේන මානෙ …. මන්දාකිණියේ
නුරා සඳක් උදාවෙවී – නිශා තුෂාරයේ වෙලී
සරා රහස් කියා යළි – මගේ හැඟුම් සොරා ගනී
ජීවිතේ ප්රමෝදේ – නව හීනයක් හැබෑ වේ
රන් හසුන් තටාකේ – රඟදේවි මේ සුයාමේ
කිමිදී පෙම් රසෝගේ – හිරිමල් ප්රාර්ථනාවේ
උතුරා යාවි ජීවිතේ ම – ඔබ ලද ඇසුරේ
නුරා සඳක් උදාවෙවී – නිශා තුෂාරයේ වෙලී
සරා රහස් කියා යළි – මගේ හැඟුම් සොරා ගනී
සරා රහස් කියා යළි – මගේ හැඟුම් සොරා ගනී
Nura Sandak (නුරා සඳක්) Bathiya Jayakody X Umaria Sinhawansa from The Movie “Sooriya Sulaga”


Comment