Lyrics of Alayaka Pera Nimiththak
සිහින ආලෙක තනිවූ කුමරී
මාව හීනෙක හිරකළා..
දෑස රිද්දන තරමට ළංවුණු
ආලයක පෙර නිමිත්තක්
වෑයමක්දෝ ප්රේමයක්දෝ
අපිව අමතක හීනයක්දෝ
අහිමි දෑසක හීන පුරවන්
දෑත් මත මා වියැකෙනා…..
තනි රෑක හීනෙක මාව අතැරම
ආලවන් නුඹෙ නීල දෑසෙම
පාළුවට නුඹ කී කතා අද නෑ
මාගේ සවනේ…..
අල්තාරයක දුර නෑ
ගීයක පාළුවක් අද නෑ
හීනෙක මාව ඇමතුව
ආල සිත්තම
ඒවි මට කම්නෑ
සිහින ආලෙක තනිවූ කුමරී
මාව හීනෙක හිරකළා..
දෑස රිද්දන තරමට ළංවුණු
ආලයක පෙර නිමිත්තක්
තව දුර යන්න සුළඟ වාගේ
මා හමුවන්නෑ දෑස මානේ
ඔබ නැති රෑක
තනි රෑක..
දුටු හීන අතර මා…….
අල්තාරයක දුර නෑ
ගීයක පාළුවක් අද නෑ
හීනෙක මාව ඇමතුව
ආල සිත්තම
ඒවි මට කම්නෑ
Alayaka Pera Nimiththak (ආලයක පෙර නිමිත්තක්) | Imantha Kaveen


Comment