Lyrics of Yali Hamuwenakan
Story Time frame – 0.00 to 2.06 and 6.15 to 7.11
දෑතින් අල්ලන් නුඹ එනවා නම්
මතකේ හිස්තැන් දරා ඉඳිමි මා
නෙතඟේ කැල්මන් මට ඉඟි දේ නම්
යළි හමුවෙනකන් බලා හිඳිමි මා
වෙන්වෙන්නට මේ වාගේ අපි ඇයි දුර ආවේ
මා පෙම් බැඳි ඒ ප්රාණේ හමුවේදෝ ආයේ
අත් පටලන් ගිය පාරේ පිය සටහන් ගානේ
නුඹ හා මතකය මාගේ තව ඉතුරුයි වාගේ
මගෙම වෙලා.. ලැබෙන තුරා..
සසර පුරා.. ඇවිදිමි මා..
හදවත කියනා මේ සන්තාපේ වේදනා
මා දුටු හීන අතරේ ගෑවි ගෑවී නුඹ කොහිදැයි සෙව්වා
නෑ මං නෑ යන්නේ නුඹගෙන් මිදිලා
තව එක වාරයක් තුරුලේ නවතින්නට විතරයි මට ඕනා
දෑතින් අල්ලන් නුඹ එනවා නම්
මතකේ හිස්තැන් දරා ඉඳිමි මා
නෙතඟේ කැල්මන් මට ඉඟි දේ නම්
යළි හමුවෙනකන් බලා හිඳිමි මා
මට නුඹව නැති තැන උහුලා ඉන්නට වුනා
නුඹට මගෙ උණුහුම තවරා යනු බැරිවුනා
තුරුලු වෙලා හිස සිඹලා
නුඹට හොරා යන්නම් මා
හදවත කියනා මේ සන්තාපේ වේදනා
මා දුටු හීන අතරේ ගෑවි ගෑවී නුඹ කොහිදැයි සෙව්වා
නෑ මං නෑ යන්නේ නුඹගෙන් මිදිලා
තව එක වාරයක් තුරුලේ නවතින්නට විතරයි මට ඕනා
හදවත කියනා මේ සන්තාපේ වේදනා
මා දුටු හීන අතරේ ගෑවි ගෑවී නුඹ කොහිදැයි සෙව්වා
නෑ මං නෑ යන්නේ නුඹගෙන් මිදිලා
තව එක වාරයක් තුරුලේ නවතින්නට විතරයි මට ඕනා
නුඹගේ පිංසාර ආදරය මම හඳුනමි
දෑතින් අල්ලාම තව දුරට නුඹ ගෙන යමි
සසරේ කවදාක හෝ නුඹව යලි හමු වෙමි
එතුවක් නුඹෙ නාමයෙන් සසර මඟ ඇවිදිමි
නුඹගේ පිංසාර ආදරය මම හඳුනමි
දෑතින් අල්ලාම තව දුරට නුඹ ගෙන යමි
සසරේ කවදාක හෝ නුඹව යලි හමු වෙමි
එතුවක් නුඹෙ නාමයෙන් සසර මඟ ඇවිදිමි
(Overlay)
නොලියුව අවසානයට
නොතියාම තිත
තව දුර ඈතට
මා ඇදී යනවා
Mihiran – Yali Hamuwenakan feat. @DILUBeats


Comment