Api Aye Hamuwela (නුඹ නොමැතිව හිඳින්න)

අපි ආයෙ හමුවෙලා | Api Aye Hamuwela | Song & Lyrics

Lyrics of Api Aye Hamuwela

අඳුරුයි මගේ දැන් හිතම තාම
ඉවසන්න තිබුනා නුඹට මාව
නුහුරුයි වගේ දැන් හැමදාම
පාළුයි අනේ නුඹ නෑ මං ගාව…

නුඹ නොමැතිව හිඳින්න
මට බෑ නුඹෙ මතකෙන් මිදෙන්න…
ආදරෙ තව දැනෙන්න
තව පාරක් මගෙ හිත හදන්න…

අපි ආයෙ හමුවෙලා මෙදා
හිත මාගෙ රිදෙව්වා
නුඹ මාගෙ බව කියා එදා
නොකියාම හැඟෙව්වා
පැතු හීන සුන් වෙලා මෙදා
නුඹ ගාව විඳෙව්වා
නොදොඩාම ඇස් දිහා බලා
නුඹ මාව හැඬෙව්වා…

හීනෙන් හිත ඇහැරලා…
නුඹ කොයිදැයි සොයනවා…
මම තවමත් මග බලා ඉන්නවා…
කඳුලක රස මව මවා…
තරු නෙතු මට ඉඟි කලා…
තනි වෙන්නම් නුඹ නිසා නෙ වේදනා….
දුරකට පා වෙලා ගියා
මම තව හේතු දුන් නිසා
අපි හමුවෙන්නෙ නෑ කියා හැඟෙනවා….
නුඹ මට අයිති නෑ කියා
මගෙ හිත තාම අහනවා….
යළි එන්නෙ නැතිදෝ මා සොයා……

අපි ආයෙ හමුවෙලා….//

Uvindu Ayshcharya Ft. ‪@DILUBeats‬ – Api Aye Hamuwela (නුඹ නොමැතිව හිඳින්න)

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists