Sondin Nelum Mala Geniyana

සොඬින් නෙළුම් මල | Sondin Nelum Mala | Song & Lyrics

Lyrics of Sondin Nelum Mala

සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතක ද පා බැඳි විලංගුවේ
යදම් අමතක ද පා බැඳි විලංගුවේ

සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතක ද පා බැඳි විලංගුවේ
යදම් අමතක ද පා බැඳි විලංගුවේ

පුතුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි
පුතුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි
ඇතින්නියේ
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි

සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතක ද පා බැඳි විලංගුවේ
යදම් අමතක ද පා බැඳි විලංගුවේ

වටින් මහ සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවෙයි නුඹට නුඹ අම්මා හින්දයි
වටින් මහ සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවෙයි නුඹට නුඹ අම්මා හින්දයි
ඇතින්නියේ
නෙළුම් මලට නොවෙයි නුඹට නුඹ අම්මා හින්දයි

සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතක ද පා බැඳි විලංගුවේ
යදම් අමතක ද පා බැඳි විලංගුවේ
යදම් අමතක ද පා බැඳි විලංගුවේ
යදම් අමතක ද පා බැඳි විලංගුවේ

Sodin Nelum Mala – Athula Adhikari adikari

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists