Divi Katharata Gangawai

දිවි කතරට ගංගාවයි

Lyrics of Divi Katharata Gangawai

දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා
දිවි ඇති තුරු මගෙ සරණට ඔබම වේය ගංගා
දිවි ගමනේ ජය මාවත හදුනාදුන් ගංගා
ඔබෙ සෙනෙහස නොලැබුණු දා මා තනිවෙයි ගංගා

මලක මෙලෙක කියා දුන්නේ ඔබෙ දෑතයි ගංගා
ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා
පුරසඳ සේ මුව මඬලින් සෙනෙහස දුන් ගංගා
හැම දිනකම මා හමුවී සිනාසෙන්න ගංගා

දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා
දිවි ඇති තුරු මගෙ සරණට ඔබම වේය ගංගා

ඊයේ රෑ මා සිහිනෙන් දුටුවෙ ඔබයි ගංගා
මා හැරදා අළුයම ඔබ වෙන්ව ගියා ගංගා
මේ අයුරින් හැම දිනකම සිත සනසා ගංගා
වෙන්වනොයා ජීවි‍තයේ අරුණ වෙන්න ගංගා

දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා
දිවි ඇති තුරු මගෙ සරණට ඔබම වේය ගංගා
දිවි ගමනේ ජය මාවත හදුනාදුන් ගංගා
ඔබෙ සෙනෙහස නොලැබුණු දා මා තනිවෙයි ගංගා

Diwi Katharata Gangavai – Rohana Bogoda

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists