Rosa Kusumak

රෝස කුසුමක් පිපේවී

Lyrics of Rosa Kusumak Pipewi

රෝස කුසුමක් පිපේවී
රතු රෝස කුසුමක් පිපේවී
සොහොන් බිම මා වළ දැමූ තැන
රෝස කුසුමක් පිපේවී

ජීවිතේ කිසිදාක මෙලොවින්
ආදරේ දිය බිඳක් නොලැබුව
ගැහැණියක පෙර දවස විසු වග
පිපුණු ඒ මල කියාවී

රෝස කුසුමක් පිපේවී
රතු රෝස කුසුමක් පිපේවී
සොහොන් බිම මා වළ දැමූ තැන
රෝස කුසුමක් පිපේවී

මිලාන වූ සිරුරින් තැනින් තැන
ආදරේ සරණක් සිඟා ගිය
අන්ත අසරණ යුවතියක ගැන
පිපුණු ඒ මල හඬාවී

රෝස කුසුමක් පිපේවී
රතු රෝස කුසුමක් පිපේවී
සොහොන් බිම මා වළ දැමූ තැන
රෝස කුසුමක් පිපේවී

Rosa Kusumak Pipevi – Nanda Malani

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists