Mangala nakathin yannata

මංගල නැකතින් යන්නට

Lyrics

මංගල නැකතින් යන්නට
සුබ වෙලාව ළං විය දියණී
අපේ සෙවණ හැර අපට නොරිදවා
ඔබ අපගෙන් සමු ගන්නේ
සුබ ගමනක් වේවා සුදු දුව
සුබ ගමනක් වේවා

මමත් ඔබ වගේ මංගල නැකතින් යන්න
මව්පිය නොරිදා ආ වග සිහියට ගන්න
දෙවියෙකු වැනි විය ඔහු මට හැම සැප දුන්න
මටත් වගේ එය ඔබටත් හිමි වන්න
සුබ ගමනක් වේවා සුදු දුව
සුබ ගමනක් වේවා

මංගල නැකතින් යන්නට
සුබ වෙලාව ළං විය දියණී
අපේ සෙවණ හැර අපට නොරිදවා
ඔබ අපගෙන් සමු ගන්නේ
සුබ ගමනක් වේවා සුදු දුව
සුබ ගමනක් වේවා

මගේ සුසුම ලෙස ඔබේ සුසුම මට හැඟුණේ
මගේ සුවඳ ලෙස ඔබේ සුවදයි මට දැනුණේ
ඔබෙ රුවමයි මේ නිවසේ හැමතැන පෙනුණේ
නොනිමෙයි සුදු දුව මේ සෙනෙහස සසරේ
සුබ ගමනක් වේවා සුදු දුව
සුබ ගමනක් වේවා
සුබ ගමනක් වේවා සුදු දුව
සුබ ගමනක් වේවා
සුබ ගමනක් වේවා සුදු දුව
සුබ ගමනක් වේවා

Mangala Nekathin Yannata – Chandralekha Perera chandraleka

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists