Thuru Lapalu Lathawo

තුරු ලපලු ලතාවෝ

Lyrics

තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ
සීතල මේ නිහඬ රෑ
ආදර විහඟුන් බලා
තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ

සිතුම් විමානේ සසල කලා වූ
පෙම් හැඟුමන් පිබිදී
මහද පුබුදු කල ආදර ගීතය
නැවුම් ලොවක පාවී
සවනට මාගේ කොඳුරන්න
නයනාවියේ

තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ
සීතල මේ නිහඬ රෑ
ආදර විහඟුන් බලා
තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ

ජීවිත උයනේ විකසිත කුසුමන්
සුවඳින් මහද සැලේ
නෙතුකැන් පිබිදී තරුමල් දිලිසී
දිවි මග එලිය දිදී
සවනට මාගේ කොඳුරන්න
නයනාවියේ

තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ
සීතල මේ නිහඬ රෑ
ආදර විහඟුන් බලා
තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ

Thuru Lapalu Lathawo lathavo – Victor Rathnayake rathnayaka

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists