&

සිහිනයට තරම්

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කදු හිස් මුදුන් කර තරු ලකුනු වැටෙනා අතර
සිත නුබම සොයා වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර
සයුරක් වී වැතිර නුබ සරලි නගනා අතර
කිරි සිනා ගඟත් මියුරු ලොකෙන් අරන් යයි
ඉන්නවාද ඇහැර

සිහිනයට තරම් තටු නෑ මට නම්

කදුලක් ලගට දුර තව දුරස් කලේ නුබය
වැහි ඇල්ලක් වගේ සොදුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර
සෙනෙහස් සිහින මල් හැම සැබෑ කෙරූ සසර
නුබ සදකි රුවන් කුමුදු යායක්
පුබුදු කර මා හද කල සුවද

සිහිනයට තරම් තටු නෑ මට නම්

Sihinayata Tharam – Kasun Kalhara & Prathibha Prabha pratiba praba

More from aveterone

1 Comment

  1. ගීතය පිළිබඳ කතා කරන්නට වැඩි යමක් නැතත් ගීතය ලියවෙන්නේ යමුනා මාලිනී මහත්මියගේ ජීවිතයේ සොදුරු මතක සටහනකට අනුවයි.

    යමුනා මාලිනී මහත්මියගේ සැමියා සේනක මහතා
    යමුනා මහත්මිය සමඟ සම්බන්ධයට යෝජනා කර පසුව යමුනා මහත්මිය තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළ අවස්ථාවේ සේනක මහතා යමුනා මහත්මියට ” මට දැන් පුලුවන් ඔයාව අරන් අහසේ පියාබන්න ” ලෙස පැවසුවාලු.

    “සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියබන්න අරන් නුඹ අහසේ…”

    එදා ඒ සිදුවීම පිළිබඳ යමුනා මහත්මියගේ සිතෙහි තිබූ මතකයන් එක් කර තමයි ඇය දියනිය වෙනුවෙන් ලියූ මේ ගීතය රසවත් කරන්නේ. ගීතය පටිගත වෙන්නේ කොහුවල ප්‍රදේශයේදී.

    – මයුරපාද මිතුරෝ –

Enable Notifications OK No thanks