Aa Obama Dei

මගේ හිතට එය දැනුණා (ඒ ඔබමදැයි)

Lyrics

මගේ හිතට එය දැනුණා මට ආදරේ හිතුණා
මගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළුවූ
මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි

මම ලියූ පෙම් කතාවේ සුර කුමරියක් උන්නා
ඒ කුමාරිගේ හිනාවේ මට ආදරේ තිබුණා
මම ලියූ පෙම් කතාවේ සුර කුමරියක් උන්නා
ඒ කුමාරිගේ හිනාවේ මට ආදරේ තිබුණා
මම හීනයක් දුටුවා ඔයරුව මගෙමදැයි කියා
මගෙ හිත් කොනේ බැඳි ආදරියේ ඔබම දැයි
මගෙ හීනයේ ඇවිත් ඔයා මගේ ආදරේ අලුත් කලා
මගෙ හීනයේ ඇවිත් ඔයා මගේ ආදරේ අලුත් කලා
මම ආදරේ වෙලා මටත් හොරා ඒ ඔබටදැයි

සිහිනයෙන් දුටු කතාවේ මගෙ තොල්පෙතිත් තෙමුණා
ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා
සිහිනයෙන් දුටු කතාවේ මගෙ තොල්පෙතිත් තෙමුණා
ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා
මම ලෝබකම් කෙරුවා ඔබ මට අහිමිවෙයි කියා
මගෙ හිත්කොණේ බැඳි ආදරියේ ඒ ඔබමදැයි

මගේ හිතට එය දැනුණා මට ආදරේ හිතුණා
මගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළුවූ
ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා
මම මගෙ හිතින් මගෙ ජීවිතෙන් ආදරේ කලා
මා දෙස ආදරෙන් බලා මගේ හිත කොණිත්තයි ඔයා
සත්තයි ප්‍රියේ මම දන්නේ නෑ ඒ ඔබ කියා
සත්තයි ප්‍රියේ මම දන්නේ නෑ ඒ ඔබ කියා

Ea Obamadai mage hithata eya danuna – Shihan Mihiranga shehan

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists