Ralu Muhuda

රළු මුහුද සේ කැළඹිලා

Lyrics

රළු මුහුද සේ කැළඹිලා
මා හද සැලෙයි නුඹ සිහි වෙලා
වෙරළ හිමි නැති
සයුර සේ මම
බලා ඉන්නම් නැවතිලා

සිහින මා දුටු විසිරිලා
සිතිජ ඉම සේ දුර වෙලා
සිහින මා දුටු විසිරිලා
සිතිජ ඉම සේ දුර වෙලා
රුවල අහිමිවී අතරමන් වී
ගමන මෙතකින් නිම වෙලා

සයුර දැන් නිසසල වෙලා
අපිට අපි හිමි නැති වෙලා
සයුර දැන් නිසසල වෙලා
අපිට අපි හිමි නැති වෙලා
සසරෙ නැවතත් හමු වෙමුද අපි
අපේ සිහිනෙක තනිවෙලා

රළු මුහුද සේ කැළඹිලා…

Ralu රලු muhuda se kalabila – Karunarathna Divulgane

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists