Kawuruth Ennathi

කවුරුත් එන්නැති

Lyrics

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල්පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ

සදකැන් බොඳවුණු වලා කැදැල්ලේ
තරුකැට අහුරක සිනා මෝදුකර
කඳුලින් ඉපදුනු ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක් දකින්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ

සියොළඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී
උදා ළහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස් දෙනයනට කියන්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල්පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ
හිනැහී වැලපෙමු අපි ආයේ

Kawuruth Ennathi kauruth kavuruth dannathi – Gunadasa Kapuge

More from raccoon

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists