&

ඔබගේ හද මාගේමයි

Lyrics

ඔබගේ හද මාගේමයි
කතරේ මල් පීදේමයි
නොවිඳපු සුව සෑදේමයි ඔ …ඕ
රන් රස සේ පෑහේමයි

ඔබගේ ලොව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි ඔ …ඕ
කිරි පැණි සේ පෑහේමයි

සංසාරේ
කෙම් බිම් සොයා සොයා හිතූ පැතූ දේ
තිරසර වුණා
ශෘංගාරේ
පෙම් පැණි පොවා පොවා සිනා සලාලා
තුරුළට වෙලා
සීතල හිම ලන්දේ මේ
උණුසුම මට ඕනෑ වේ
පෙම් සිලිලාරේ මා මත් වුණා

ඔබගේ ලොව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි ඔ …ඕ
කිරි පැණි සේ පෑහේමයි

පෙම් සිහිනේ
ලොව දැන ගනී කියා බියේ සැකේ මා
හද ගොළු වෙලා
සන්තෝසේ
ඉන්නකො ඔයා නිසා දිවා රැයේ මා
උමතුව ගියා
සිර ගෙය බින්දේ ඔබයි
මා සිත දන්නේ ඔබයි
පෙම් සිලිලාරේ මා මත් වුණා

ඔබගේ හද මාගේමයි
කතරේ මල් පීදේමයි
නොවිඳපු සුව සෑදේමයි ඔ …ඕ
රන් රස සේ පෑහේමයි

ඔබගේ ලොව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි ඔ …ඕ
කිරි පැණි සේ පෑහේමයි

Obage Hada handa Magemai- MS Fernando & Ranjani Perera

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists