Lyrics
නිසංසලේ අපි හමුවෙලා
තැනක තනි වෙලා පාළුවේ
ඉතින් සිනාසෙමු සැනසිලා
ලොවට සඟවලා..
ආදරේ //
සඳක් වලා ගැබ තනි වෙලා
ලොවට ඉඟි කලා පායලා
තුරු ලතා සීත මද නලේ
මුසුව විසිරිලා ගීතිකා
නිසංසලේ අපි හමුවෙලා …
දසන්තයේ පිණි අතුරලා
අඳුර ගොළු වෙලා මාරුතේ
මග බලා දෑස තනි වෙලා
සබඳ එන තුරා මාවතේ
නිසංසලේ අපි හමුවෙලා … //
Nisansale api hamuwela hamu vela wela – Indrani Perera
Comment