Mata hari palui

මට හරි පාළුයි

Lyrics

ලංකාවේ ජනගහණේ කෝටි දෙකයි
ලෝකෙම කීයද මං දන්නෙ නෑ
මං කවුරුත් අඳුණන්නෙ නෑ
කවුරුත් මා අඳුණන්නෙත් නෑ
මට හරි පාළුයි
මට හරි පාළුයි
මට හරි පාළුයි

මොනවට මේ ලෝකෙට මං ආවද
මොකට ගෙනාවද මං දන්නෙ නෑ
ගෙනාපු අය මා අඳුණන්නෙත් නෑ
විස්වාසයෙ මල් පීදෙන්නෙ නෑ

ලංකාවේ ජනගහණේ කෝටි දෙකයි
ලෝකෙම කීයද මං දන්නෙ නෑ
මං කවුරුත් අඳුණන්නෙ නෑ
කවුරුත් මා අඳුණන්නෙත් නෑ

ඉරට වඩා හ‍ඳෙ කිසිම හොඳක් නෑ
හඳ එළියට මම රැවටෙන්නෙ නෑ
ඉරට වඩා හ‍ඳෙ කිසිම හොඳක් නෑ
හඳ එළියට මම රැවටෙන්නෙ නෑ
මං ආයෙත් මෙහේ එන්නෙ නෑ
විස්වාසය මං මෙහෙ පිළිගන්නෙ නෑ
මං ආයෙත් මෙහෙ එන්නෙ නෑ

Mata Hari Palui – Ajith Kumarasiri

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists