Katu koholin pirunu lovin
&

කටු කොහොලින් පිරුණු ලොවින්

Lyrics

කටු කොහොලින් පිරුණු ලොවින්
කිඩාරමින් වැසුණු ලොවින්
රුදු උරගුන් ගහණ ලොවින්
පාළු මුඩුම වියළි ලොවින්
එක පිම්මෙන් පියා සලා
අලුත් ලොවට යමු ඉගිලී
අපේ ගමන මුවා නොකොට
සැඟවෙව් ගිජුලිහිණියනී

ගිජුලිහිණිය දිය සිඳිලා
ඔබේ ලොවේ මල් මැරිලා
එහා ලොවේ වැව් පිරිලා
තඹුරු කුමුදු මල් පිපිලා

විහඟ ගීත රාව නැඟෙන
නිසයුරු රැස් සලන ලොවේ
ආසිරි මල් වැහි වැහැලා
දහසක් රන් මැදුරු මැවේ

සඳුන් කලල් ඇඟ නාගෙන
අම්බරුවන් බැත පාගන
ගැමි සීපද හඬ පාවෙන
යමු ලොවකට හඳ පායන

තුටින් කෙළන මින් රළ දැක
ගැයුම් ගයමු හඬ නඟලා
සුහුඹුල් නිල් තුරු සෙවණේ
රැඟුම් රඟමු පා තබලා
රැඟුම් රඟමු පා තබලා

Katu Koholin kehelin pirunu lowin lovin – Victor Rathnayaka & Sanath Nandasiri

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists