Hitha Gawa Dangakala

හිත ගාව දඟ කලා

Lyrics of Hitha gawa danga kala

හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා
හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා

සන්සුන් වු කල්පනා
විජිතයේ පාවුනා
ඔබේ සෙනෙහස ගෙනා
මිහිරි ආරාධනා
මල් පිපුණු තාරකා
විමානේ තනි වුණා
හැඟුම් මන්මත් කලා
සුසුම් ආරාධනා

හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා

සිනිඳු මල් පෙති පුරා
බඹර ගී ලියැවුනා
සිවු නෙතක් ළං කළා
ඔබේ ආරාධනා
කුරුළු ගී පාවුනා
නිල් ගුවන් ගැබ පුරා
වසත් කල ළං කළා
සෙනෙහෙ ආරාධනා

හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා
හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා

Hitha gava daga kala – Victor Rathnayaka

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists