Ruwal-Iri-Giya

රුවල් ඉරී ගිය

Lyrics

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි
නොගිලී දළ රළ පෙල අතරේ
මාහා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ

දෝතට එක්කල වැහිදිය පොවමින් පවසට
ඉරුනු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම
රුවල් ඉරී ගිය නෞකාවේ

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට
අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි
නොගිලී දළ රළ පෙල අතරේ
මාහා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ

Ruwal ruval Iri Giya Nawkawe navkawe navkave – Nanda Malani

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists