Geethayak Se

ගීතයක් සේ මතුවෙයන්

ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක

ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක

මා හැරදමා ගිය මියුලැසී

හෙට දිනක් පෙර මඟක් අරමුණක් නැති
ගෙවෙන දිවියේ ඉසිඹුවක් ලෙස හෝ
ගෙවුනු රස බර මතක මතුකර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී

ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසී

හිනැහෙමින් වැලපෙමින් තුටු සිතින්
පෙම් පිරූ සමයේ සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමඟින් දැවටියන්
මා හැරදමා ගිය මියුලැසී

ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක
මා හැරදමා ගිය මියුලැසී

Geethayak Se githayak – Asanka Priyamantha peris peiris asanga

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists