අමතක කරන්න එපා

Lyrics

අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන්වී ගියත් මෙමා ඔබ රැදේ සදාකල් මාගේ සිතේ
කඳුලැල් සලන්නෙපා යළි සොයා එන්නෙමි ඔබව මෙසේ
අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා
අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ

රස ගීත මා ගයාලා ගී ලොවේ ජය ලබාලා
ඔබ ලගින් සිටිය කාලේ සදා අමතක කරන්න බෑ
වාසනා පෑදුනේ ඔබ නිසයි ජීවිතේ
සෑමදා ඔබ රැදේ මා සිතේ

අමතක කරන්නෙපා…..

දුර ඈත මා ගිහිල්ලා මතු එන දිනේ සොයාලා
මේ දැං වගේම බැඳිලා එදා ඔබ ඉදීදෝ ලගින් මා
වාසනා පෑදුනේ ඔබ නිසයි ජීවිතේ
සෑමදා ඔබ රැදේ මා සිතේ

අමතක කරන්නෙපා…..

Amathaka Karanna Epa Mava Mathaka Thiyagena Inna Sithe Lyrics – Gypsies

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists