Mini Mini Poda Wetewi

මිණි මිණි පොද වැටේවි

Lyrics

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි
ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්
//

ළා සඳ පළුව ඇවිත් නිල්ගිර මුදුනින්
රන් තරු මාල බැඳන් රන්වන් අහසින්
අද හොඳම දවස
අද හොඳම දවස
ඔබ එනවා නම්

මිණි මිණි පොද වැටේවි …

බිම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැඟෙන්නට කලින්
අද හොඳම දවස
අද හොඳම දවස
ඔබ එනවා නම්

මිණි මිණි පොද වැටේවි …

Mini Mini Poda Watewi vatevi – Edward Jayakody jayakodi

More from raccoon

♪
Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists