Me gamana

මේ ගමන

Lyrics

මේ ගමන මග නතර විය යුතුයි
නෙතු සොරොව් දොර විදී
සුසුම් සැඩ සුළි සැදී
මේ ගමන මග නතර විය යුතුයි

මෙතෙක් පැමිනිය දුරද හරිම පුදුමයි
ගිමන් නිව්වෙත්
වැටුනු කදුලු තුලමයි
කොහේ යන්නද නොදැන
ඔහේ පැමිණිය ගමන
නිමා කල යුතු
එකම එක රිදුමයි

මේ ගමන මග නතර විය යුතුයි

සිතක් වෙලිලා
තැනූ සිහින අපමණයි
ඔබත් ඔබෙමයි
තවම මමත් මගෙමයි
පතා පැමිණිය නුවර
තෙමා තුරවී වැටෙන
නිමා කල යුතු නෙතු කදුලු
බොහිමයි

මේ ගමන මග නතර විය යුතුයි

Me Gamana maga nathara wiya yuthuyi – Harshana Dissanayake dissanayaka

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists