Sihina Pethum

සිහින පැතුම් විමනේ

Lyrics

සිහින පැතුම් විමනේ
රස මිහිර ‍ගෙනා පුතුනේ
නැලවී නැලවී හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ

නැලවී නැලවී හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ

දෑසයි කුඩා ඔබගේ
ලපටි දෙතොල් පුතුනේ
කාගෙයි කියා සිතුවේ
මුහුණයි රුවයි ඔබගේ
පැහැයයි හැඩයි පුතුනේ
මාගෙන් නොවෑ ලැබුණේ

සිහින පැතුම් විමනේ

මා මෙන් ඔබත් පුතුනේ
මිනිසෙක් වෙලා දෙරණේ
රට දැය කෙරේ බැඳිලා
මව්බිම ඔබෙයි සිතලා
පණ මෙන් ඔබේ රැකලා
දිරිගත යුතුයි පුතුනේ

සිහින පැතුම් විමනේ

Sihina pathum vimane wimane – Annesley Malewana annasly anasly

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists