Kumaranane Nathido Danne කුමරාණනේ නැතිදෝ දන්නේ

කුමරාණනේ

Lyrics

කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේ

සඳුටත් කියලා
හිරුටත් කියාලා
ඔබ තරුවෙන් අරන් ගියා
සුවඳ සදා පෙති විහිදා
සුමුදු සිනා විඳි සිහිනේ
කඳුළින්ද ගිණි බින්නේ

කුමරාණනේ නැතිදෝ දන්නේ …

සුසුමක් තියලා
සුවඳත් තියලා
ඔබ සුවඳ අරන් ගියා
මගේ කියා දෑස පියා
මම ඔබේ ලඟින් හිටියා
ඔබ ගව් සිය දුර ඇදුනා

කුමරාණනේ නැතිදෝ දන්නේ …

Kumaranane – Mariazelle Gunathilake mariyasel mariyazel

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists