&

ලා හිරුගේ

Lyrics

ලා හිරුගේ එළියේ
සිත සන්තෝසේ බෝ ඉතිරේ
මා සිත සේ පිපිදේ සුබ මංගල්ලේ මල් නිබදේ

ජීවිතයේ අරුමේ හිත හීගතු ඒ මාරුතයේ
මා මනසේ රැදුනේ ඔබේ ආදරයේ ගී මතකේ

මව් පිය නෙත් අතරින්
ගැලුවේ කදුලයි සෙනෙහේ

ජීවිතයේ මෙතුවක් ලද ඒ උණුසුම් සුවදේ
මං කෙලෙසින් ඉගිලී යමි ඒ සුවදින් මෙලෙසේ
මල් කලබේ ගුලිවේ අපගේ හැගුමන් දෙහදේ

ලා හිරුගේ එළියේ…

හිත් උණුසුම් කරනා
සිසිලැල් කදුලැල් පිසදා
මල් නැකතේ යමු දැන් දෙගුරුන් සෙවනින් මිදිලා
රන්හුයකින් බැදි දා දහසක් පැතුමන් එලේසේ
මල් වැස්සේ වැගිරේ උණුසුම් සුපැතුම් දසතේ

ලා හිරුගේ එළියේ
සිත සන්තෝසේ බෝ ඉතිරේ
මා සිත සේ පිපිදේ සුබ මංගල්ලේ මල් නිබදේ
ජීවිතයේ අරුමේ හිත හීගතු ඒ මාරුතයේ
මා මනසේ රැදුනේ ඔබේ ආදරයේ ගී මතකේ
මා මනසේ රැදුනේ ඔබේ ආදරයේ ගී මතකේ

La Hiruge – Bathiya & Santhush Bns Umariya Sinhawansha උමාරියා

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists