Matama pem kala

කඳුළු බිංදුව (මටම පෙම් කර)

Lyrics

මටම පෙම් කර
නෙතග නිවසන
සදා නොසිඳෙන
සුනිල උල්පත
කඳුළු බිංදුව //

සමනලිය නෙත ලැගුම් ගෙන හුන්
නුඹව පළවා හැරිය දා මං
උන්හිටිය තැන් අහිමි වීමෙන්
උන්හිටිය තැන් අහිමි වීමෙන්
මවෙත වෙර බැඳ පිටව ගිය නුඹ
කඳුළු බිංදුව

මටම පෙම් කර

නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය
මගේ විජිතෙන් වහන් වුණු සඳ
කොහේදෝ හිඳ ජීවතුන් මැද
කොහේදෝ හිඳ ජීවතුන් මැද
මවෙත පෙම් බැඳ පැමිණි සකි සඳ
කඳුළු බිංදුව

මටම පෙම් කර … //

Kandulu kadulu Binduwa – Senanayaka Weraliyadda සේනානායක වේරලියද්ද

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists