Hari Hamba Karapu Dewal

හරි හම්බකරපු දේවල්

Lyrics

හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
දනට පිනට ගෙදර දොරට දුන්නේ මං
හිතේ මනාපෙන්

හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
දනට පිනට ගෙදර දොරට දුන්නේ මං
හිතේ මනාපෙන්

දෑත දෙපය ඇති දැඩි කල
මතු බුදුවන මව්පියන්ට
එකම මවට අම්මෙ කියූ
එක පවුලේ සොහොයුරන්ට

හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
ගෙදර දොරට දුන්නේ මං
හිතේ මනාපෙන්

ජීවිතයම දුකයි කියා
මහණ වෙච්ච යති වරුන්ට
නැති බැරිකම උතුරා ගිය
මග හමුවන මිනිස්සුන්ට

හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
දනට පිනට දුන්නේ මං
හිතේ මනාපෙන්

හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
දනට පිනට දුන්නේ මං
හිතේ මනාපෙන්

Hari hamba karapu dewal deval – Edward Jayakody

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists